පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණයට සංවිධාන 04කට වැඩි සංඛ්‍යාවකට අවසර

එළඹෙන පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය සඳහා සංවිධාන හතරකට වැඩි සංඛ්‍යාවකට අවසර ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

ඒ, අනුව පැෆ්රල්, කැෆේ, සී.එම්,ඊ.වී ඇතුළු සංවිධානවලට ඒ සඳහා අවසර ලබාදෙන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් ඡන්ද මධ්‍යස්ථාන තුළට පිවිස නිරීක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ නිරීක්ෂණ කණ්ඩායම් දෙකකට පමණක් බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව සෙසු සංවිධාන බාහිරව නිරීක්ෂණ කටයුතුවල නිරත වනු ඇති.

මේ අතර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7000ක් යොදවන බව පැෆරල් සංවිධානය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?