පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් 80672ක්

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 80672ක් තරග වදින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ පිළිගත් දේශපාලන පක්ෂ 2529ක් සහ ස්වාධීන කණ්ඩායම් 329ක් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව ඇති බවයි.

දේශපාලන පක්ෂවල නාම යෝජනා 118ක් ප්‍රතික්ෂේප වී ඇති අතර ස්වාධීන කණ්ඩායම්වල නාම යෝජනා 45ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

2023 පළාත් පාලන මැතිවරණයට වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් තරග කරනු ලබන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 7530ක්.

කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් 7177ක් මැතිවරණයට තරග කරන අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් 6297ක් ඉදිරිපත්ව සිටිනවා.

මෙවර පළාත් පාලන මැතිවණ ඡන්ද විමසීම ලබන මාර්තු මස 9 වනදා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

Candidates
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?