පළමු 20යි 20 තරගයේ ජය පකිස්ථානයට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 88කින් ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 182ක්.

ෆකර් ස්මාන් සහ සයිම් අයුබ් ලකුණු 47 බැගින් රැස් කළ අතර පන්දු යැවීමේදී මැතිව් හෙන්රි ප්‍රතිවාදී කඩුලු 03ක් බිද හෙලීය.

ලකුණු 183ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සංචාරක නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 03ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 94ක් පමණයි.

පන්දු යැවීමේදී ලකුණු 18කට කඩුළු 04ක් බිද හෙලූ හැරිස් රවුෆ් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.තරග 05කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?