පසුගිය මාස 06ක කාලය තුළ වන සතුන්ගෙන් බිලියන 50කට වැඩි වගා හානියක්

පසුගිය මාස 06ක කාලය තුළ වගාවන්ට වන සතුන්ගෙන් රුපියල් බිලියන 50කට අධික හානියක් සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.

අනුරාධපුරය – රනෝරාව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පැවති ගොවීන් සදහා බහු කාර්ය උපකරණ බෙදාදීමේ වැඩ සටහනකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානිය දිනෙන් දින වැඩි වන්නට පටන් ගෙන තිබෙනවා. පසුගිය මාස 06ක කාලය තුළ පමණක් වඳුරන්, රිළවුන් සහ දඬුලේණුන් විසින් පොල්ගෙඩි මිලියන 93ක් පමණ විනාශ කරලා. ඊට අමතරව මොණරා,වල් ඌරා, ඉත්තෑවා වැනි සතුන් වගාවන්ට සිදු කරන විනාශය අති විශාලයි. ඉදිරි අවුරුදු 02ක කාලය තුළ මේ විනාශය අවම කර ගැනීමට අපි කටයුතු කළ යුතුව තිබෙනවා.”

මේ අතර බිත්තර මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ බිත්තර මිළ ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ සත්ව ආහාර සම්පාදනය කර ගැනීමට නොහැකි වීම බවයි.

සතුන්ට අවශ්‍ය ආහාර සම්පාදනය කර ගැනීමට නොහැකි වීම බිත්තර වලට පමණක් නොව කිරි ගව පාලනයට ද බලපෑම් එල්ලකර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුහුද මැදින් පාරක් හැදුවාට මාළුන්ට යන්න පුළුවන්, දුක් වෙන්න එපා
04:21
Video thumbnail
ඇදහැළුණු වැස්සේ අසරණ වුණු අහිංසක ජීවිත
01:46
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29


?