spot_imgspot_img

පසුගිය පැය 24 තුළ ලොවපුරා ස්ථාන 32ක භූ කම්පන

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ වෙබ් අඩවිය තහවුරු කළේ, එම භූ කම්පන මැග්නිටියුඩ් ඒකක 2.5ට වැඩි ප්‍රබලත්වයෙන් යුත් ඒවා බවයි.

එම භූ කම්පන අතුරින් මැග්නිටියුඩ් ඒකක 6.1 ක වැඩිම ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය පිලිපීනයෙන් වාර්තා වී ඇති අතර ඉන් සිදු වූ දේපොළ හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

ඊට අමතරව මැග්නිටියුඩ් ඒකක 5ට වැඩි ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පන වාර්තාවන්නේ, නවසීලන්තය, ඇලස්කා, කොලොම්බියා, ටොංගා, බොල්වියා, ඇතුළු රටවල් කිහිපයක් ආශ්‍රිතවයි.

දරුණු ඛේදවාචකයට මුහුණ දුන් තුර්කියෙන් ද පසුගිය පැය 24 තුළ මැග්නිටියුඩ් ඒකක 4.6 ක භූ කම්පනයක් වාර්තා වි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?