Fly high Get bonus Aviator Phone

පස්සර රෝහලට ඇතුළත් කළ දැරියක් සැකසහිත ලෙස මිය ගිහින්

ඊයේ (09) රාත්‍රී කාලයේ පස්සර පොලිස් වසමේ උඩගම ප්‍රදේශයේ දැරියක් අසනීප තත්ත්වයක් හේතුවෙන් පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙම මරණය සැකසහිත බවට පොලිසියට ලද පැමිණිල්ලක් මත මර්ශනක් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ පස්සර, උඩුගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 07ක දැරියක්.

මෙම දැරිය සතියක පමණ කාලයක සිට උණ රෝගය හා සෙම්ප්‍රතික්ෂාව හේතුවෙන් කිහිප අවස්ථාවකදීම ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ දැරියගේ ශරිරයේ තුවාල සළකුණු ඇති බවට දැරිය පරීක්ෂා කළ පස්සර රෝහලේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇති බැවින් මෙම මරණය සැකසහිත මරණයක් බවට පොලිසිය තිබෙනවා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මෘත ශරීරය පස්සර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?