පලාලි සිට කොළඹ දක්වා ගුවන් ගමන් ඇරඹීමේ සූදානමක්

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සිට කොළඹ දක්වා සිවිල් ගුවන්සේවා නුදුරේදීම ආරම්භ කිරීමට සූදානමක් පවතින බව ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රාකේෂ් නට්රාජ් මහතා පවසනවා.

යාපනය දිස්ත්‍රික් කාන්තා දින සැමරුම් වැඩසටහනට එක්වු අවස්ථාවේ දීයි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිවරයා මේ බව ප්‍රකාශ කළේ.

පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සිට කොළඹ දක්වා සිවිල් ගුවන්සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙරට රජය සාකච්ජා කර ඇති අතර, අදාළ ගුවන් සේවා නුදුරේදීම ආරම්භ කිරීමට නියමිත බව ද ඔහු එහිදී සඳහන් කළා.

ඉන්දීය රජයේ මූල්‍ය ආධාර හා මෙරට රජයේ මුල්‍ය පහසුකම් යටතේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදි කර තිබෙනවා.

මෙරට රජයේ රුපියල් මිලියන 1950ක් හා ඉන්දීය රජයේ රුපියල් මිලියන 300ක මූල්‍ය ආධාර ඊට අයත්.

රුපියල් මිලියන 2250ක වියදමක් යටතේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අදියර හතරක් යටතේ සංවර්ධනය කිරීමට නියමිතයි.

පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සිවිල් ගුවන් ගමන් වෙනුවෙන් නිල වශයෙන් විවෘත කරනු ලැබුවේ 2019 ඔක්තෝම්බර් 17 වැනිදා යි.

කොඩිඩ් සමයේ ගුවන් ගමන් නවතා තිබු පලාලි ගුවන් තොටුපොලේ සිවිල් ගුවන් ගමන් සේවා කටයුතු නැවත පසුගිය වසරේ ආරම්භ කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?