පරිසරය සුරකින්න පාර්ලිමේන්තුවේත් රුක් රෝපණය කරයි

ජූනි 05 වැනිදාට යෙදී තිබූ ජගත් පරිසර දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් ආචාර්ය හරිනි
අමරසූරිය අග්‍රාමාත්‍යවරිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ (05) පැවැත්වුණා.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, සභානායක අමාත්‍ය බිමල් රත්නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක් වුණා.

එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, සහකාර මහලේකම් හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී කුෂාන් ජයරත්න, ආහාරපාන හා ගෘහපාලන අධ්‍යක්ෂ රාජ් එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු
නිලධාරීහු පිරිසක් ද මෙම රුක් රෝපණ වැඩසටහනට සහභාගී වූ බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?