පරිභෝජණයට නුසුදුසු සීනි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

මිනිස් පරිභෝජණයට නුසුදුසු සීනි තොගයක් ගබඩාකරගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) පෑලියගොඩ, නවනුගේ පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝග්‍රෑම් 3,000ක ප්‍රමාණය සොයා ගැනීමට හැකිව ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පැළියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 සහ 48 යන පසුවන අය බවයි වාර්තා වන්නේ.

ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑළියගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වෙත භාර දී ඇති අතර, සීනි ගබඩාකර තිබු ස්ථානය ඉදිරි අධිකරණ කටයුතු සඳහා මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?