පනත් කෙටුම්පත් අටක් බලාත්මක වේ

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අධිකරණය හා සම්බන්ධ පනත් කෙටුම්ප‍ත් අටකට සිය සහතිකය සටහන් කළ බව පාර්ලිමේන්තුවට අද (18) දැනුම් දුන්නා

සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටි, අධිකරණ සංවිධාන(සංශෝධන), පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය(සංශෝධන), උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන), අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) සහ අන්තරායකර සත්ත්ව (සංශෝධන) යන පනත් කෙටුම්පත් අටට මෙසේ සහතිකය සටහන් කර තිබේ

මේ අනුව එම පනත් කෙටුම්පත් අට අද (18) සිට බලාත්මක වේ. පසුගියදා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී සම්මතවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?