නෝටන්බ්‍රිජ් අනතුරට පත් බස් රථය ගොඩ ගනියි (ඡායාරූප)

නෝටන්බ්‍රිජ් දියගල මාර්ගයේදි පෙරේදා (19) අඩි 100 ක පමණ ප්‍රපාතයකට පෙරලි අනතුරට පත් බස් රථය හැටන් වැඩ බලන මහෙස්ත්‍රාත් ඉදිරියේදි ගොඩගනු ලැබුවා.
.
වන්දනාකරුවන් පිරිසක් රැගත් බස්රථය මහරගම සිට ශ්‍රි පාද වන්දනාවට ගොස් ආපසු එමින් තිබියදී මේ අනතුරට මුහුණ දුන්නා.

අනතුරෙන් තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙක් ජිවිතක්ෂයට පත්වූ අතර තවත් 26 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා.

නෝටන්බ්‍රිජ් සිට ගිනිගත්හේන හරහා දියගල දක්වා දිවෙන මෙම මාර්ගයේ කිලෝමිටර් 6 පමණ කොටසක් පවතින්නේ අධික වංගු සහ බැවුම් සහිතවයි.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට නල්ලතන්නියට පිවිසමට ඇති කෙටිම මාර්ගය මෙය නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනය වැඩි වශයෙන් සිදුවනවා.

එබැවින් පිට පළාත්වල සිට පැමිණෙන බස්රථ හා අනෙකුත් වාහන ධාවනයේදී සැලකිලිමත්වන ලෙසටයි පොලිසිය රියදුරන්ට උපදෙස් දෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
5
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?