spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නොවැක් ජොකොවිච් 10 වැනි ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාව සහ 22 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වාර්තා කරයි

සර්බියාවේ සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් 111 වැනි ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාව අද දිනාගත්තේ ය.
ඒ, අවසන් තරගයේදී ග්‍රීසියේ ස්ටෙෆනෝස් සිට්සිපාස් වට 3ට 0ක් ලෙස පරාජය කරමිනි.

තරගයේ පළමු වටය ලකුණු 6ට 3ක් ලෙස ජොකොවිච් පහසුවෙන් ජය ගත්තේ ය.

දෙවැනි සහ තුන්වැනි වට දෙකේදීම ක්‍රීඩකයින් දෙදෙනාම උණුසුම් තරගකාරීත්වයක් පෙන්නුම් කළ අතර ජොකොවිච් එම වට දෙකම ජය ගත්තේ ලකුණු 7ට 6ක් ලෙස ය.

ඒ අනුව වට 3ට 0ක් ලෙස නොවැක් ජොකොවිච් තරඟය ජය ගත්තේ ය.

ඒ සමඟින් මෙතෙක් වැඩිම ග්රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා ගණනකට හිමිකම් කියූ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්ගේ වාර්තාව සම කිරීමට ද ජොකොවිච් සමත්විණි.

නොවැක් ජොකොව්ච් ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22කට හිමිකම් කියන්නේ ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතා 10 ක් සමඟ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?