නෙළුව ප්‍රදේශයේ දී අතුරුදන් වූ දරුවාගේ සිරුර හමුවෙයි

ගාල්ල, නෙළුව ප්‍රදේශයේ දී අතුරුදන්ව සිටි වයස අවුරුදු 02යි මාස 08ක් වයසැති පිරිමි දරුවාගේ මළසිරුර මේ වනවිට සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ නිවස අසල පිහිටි ඇළ මාර්ගයක තිබි මෙම දරුවාගේ මළසිරුර සොයාගත් බවයි.

මෙම දරුවා ඊයේ (15) පස්වරුවේ සිට අතුරුදන්ව සිටි අතර, ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව දරුවා සොයා මෙහෙයුම් ආරම්භ කළා.

මෙම දරුවා තම දෙමව්පියන් සමඟ අලුත්ගම, දර්ගානගරයේ සිට අලුත් අවුරුද්දට සිය මිත්තණියගේ නිවසට පැමිණ ඇති බවයි අනාවරණය වුණේ.

දරුවා සිය බිරිඳගේ මවගේ නිවසේ සිටිය දී අතුරුදහන් වී ඇති බවට දරුවාගේ පියා විසින් නෙළුව පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

දරුවාගේ සිරුර නෙළුව රෝහල වෙත මේ වනවිට ගෙනගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?