නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවකයින් වර්ජනයක

නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවකයින් විසින් (21)දින පස්වරුවේ සිට ධාවන කටයුතු වලින් ඉවත්වීම නිසා මඟින් විශාල පිරිසක් අපහසුතාවයකට පත්ව තිබෙනවා.

නුවරඑලිය බස් නැවතුම්පොළ වෙත දුර ගමන් සේවා ලංගම බස්රථ ඇතුලත් කිරීමට වේලා සටහන්කරුවන් සහ පෞද්ගලික බස් රථ හිමියන් ඉඩ ලබා නොදීම නිසා සේවකයන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවකයින් විසින් ආරම්භ කර ඇති මෙම වර්ජනයට සහයෝගය දක්වා හැටන් , කොත්මලේ, කැප්පට්පොල ,බණ්ඩාරවෙල සහ බදුල්ල යන ලංගම ඩිපෝවල බස් රථ නුවරඑලිය දක්වා ධාවනය කිරිමද තාවකාලිකව නතර කර ඇත.

මෙම ගැටළුව සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය විසින් දෙපාර්ශවය කැදවා සාකච්ඡා කලද එයට මෙතෙක්
විසදුමක් ලැබි නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?