නුවන් ගුණවර්ධනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

හෙළ ගී කෙත තම මධුර හඬින් පෝෂණය කරන්නට වෙහෙසුණාවූ අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන ශල්පී නුවන් ගුණවර්ධනයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11 දා) සවස 6.00ට මහරගම පොදු සුසානභූමියේදී සිදුකිරීමට නියමිතය.

මියයන විට 73 වැනි වියේ පසුවූ ගුණවර්ධන මහතා දෙදරු පියෙකි. ඔහුගේ පුත් ගයාන් ගුණවර්ධනද අද නව පරපුරේ ගායන වේදියෙකි.

නුවන් ගුණවර්ධන මහරගම බුවනෙක මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හැදැරූ අතර පසුකලකදී ගුවන් ඉංජිනේරු විද්‍යාව හදාරා ශ්‍රී ලංකා ගුවන් සමාගමට එක්ව ඇත්තේ ගුවන් යානා යාන්ත්‍රික ඉංජිනේරුවෙකු වශයෙන්.වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඉන්දියාවේ ගත කළ කාලයේදී හිංදි භාෂාව හැදෑරීමට ද අවස්ථාව සැලසී ඇත. පාසල් වියේ සිටම ගායන හැකියාව ලද නුවන් හිංදි ගීත ගායනයට මහත් රුචිකත්වයක් දැක්වූවෙකි. ඔහු සමග එකට සේවය කළ ඩෙරික් ද සිල්වා ගායන ශිල්පියාගේ මග පෙන්වීම මත විවිධ ප්‍රසංග සඳහා හිංදි ගී ගැයීමට එක්වූ ඔහු පසුව හිංදි නුවන් නමින් ප්‍රකට විය.හිංදි ගීත කැසට් පට හතළිහකට ආසන්න ප්‍රමාණයකට ඔහු විසින් ගී ගයා තිබේ.

ඔහු ගැයූ ජනප්‍රිය ගීත අතර ‘කඳුළින්ම ගැයූ පෙම් ගීතේ, පවනක් සේ ඔබ, කිරි මුහුදු වෙරළේ’ ආදී ගීත රැසක්ම විය. එච්.ආර්. ජෝතිපාලයන්ගේ අභාවයෙන් පසුව ‘ඇර සොයිසා’ චිත්‍රපටයෙන් පසුබිම් ගායනයට එක්වූ ඔහු චිත්‍රපට 66 කට පමණ ගීත 300 කට ආසන්න ප්‍රමාණයක් ගායනා කර ඇත.

මේ වනවිට ඒ මහතාගේ දේහය ඔහු පදිංචිව සිටි මහරගම, පතිරගොඩ, නාලන්දාම පාරේ අංක 92 දරන නිවසේ අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර ඇත. අවසන් කටයුතු අද (11) ඉරුදින සවස 6 ට මහරගම ගොඩිගොමුව පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
11
මලපනිනව !
1
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?