නීරෝධායන නීති කඩ කරමින් පුත්තලමේ මඟුල් ගෙයක්

පුත්තලම මුල්ලිපුරම් වෙට්ටාල ගම්මානයේ 200 කට වැඩි පිරිසක් සහභාගී කරවා ගනිමින් මංගල උත්සවයක් පවත්වා ඇති බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

නීරෝධායන නීති කඩ කරමින් පැවැත් වූ මෙම විවාහ මංගල උත්සවයේ මනාලිය හා මනාලයා ඇතුළු පිරිස නිරෝධායනට යොමු කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය සඳහන් කරයි.

එම පිරිසට ආහාර අදාල මංගල ප්‍රිය සම්භාෂණය පැවති යාබද නිවසේ සකසා ඇති අතර අදාල නිවසට යන විටත් එම නිවසේ මංගල ප්‍රිය සම්භාෂණයට එක්වු 50 කට ආසන්න පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?