spot_imgspot_img
spot_img

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 24ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 24 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ත්‍රීකුණාමලය සල්ලිමුණේ වෙරළ තීරය, වාකරේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ හා එම වෙරළ තීරයේ මෙන්ම යාපනය නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේයි මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත්තේ.

එහිදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන්, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ වලංගු බලපත්‍ර රහිතව ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 24 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා 9ක්, කැබ් රථයක්, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 22 ත් 50 ත් අතර වයසේ පසුවන කල්පිටිය, පනිච්චන්කේනි සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

සැකකරුවන් 24 දෙනා, ඩිංගි යාත්‍රා 09, කැබ් රථය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි ධීවර පරීක්‍ෂක කාර්යාලය, වාකරේ ධීවර පරීක්‍ෂක කාර්යාලය සහ යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?