නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට දන්වා ඇති බව වාර්තා වනවා.
පොලිස්පතිවරයා, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් ලෙස නම් කරමින්, තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වන ලෙසට නියෝගයක් නිකුත් කරන මෙන් නීතීඥ ගුණරත්න වන්නිනායක නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා.
පසුගියදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියකට බාධාවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව වන්නිනායක සිය පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා





