නීතිඥවරයෙකුට හා ඔහුගේ පියාට මහමගදී පහරදුන් හරිත සරසවියේ සිසුන් 07 අත්අඩංගුවට

නීතිඥවරයෙකුට හා ඔහුගේ පියාට මහමගදී පහරදුන් හෝමාගම හරිත සරසවියේ සිසුන් 07 දෙනෙකු අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පිළියන්දල පොලිසිය මගින් මෙම සිසුන් 07 දෙනා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිඥවරයා කළ පැමිණ පැමිණිල්ලකට අනුවයි.

කැස්බෑව අතුරු මාර්ගයේදී පෙරේදා දහවල් නීතිඥවරයාට හා ඔහුගේ පියා කැබ් රථයකින් නිවස කරා යමින් සිටයදී සිසුන් කණ්ඩායම මග හරස් කර යකඩ පොලු හා අතින් පයින් පහරදී ඇති බව පොලිසිය පැවසුවා.

පහරකෑමට ලක්වූ නීතිඥවරයා මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම සිද්දියට මුල් වී තිබෙන්නේ නීතිඥවරයා හා සිසුන් අතර කහතුඩුව ප්‍රදේශයේදී ඇතිවූ බහින් බස් වීමක්.

අනතුරුව නීතිඥවරයා හා ඔහුගේ පියා ගිය කැබ් රථය පසුපස කහතුඩුවේ සිට වෑන් රථයකින් හඹා ආ සිසුන් මග හරස් කර පහරදීම සිදුකර තිබෙනවා.

ඔවුන් පහරදීම නතර කර තිබෙන්නේ එම අවස්ථාවේ දී මාර්ගයේ ගමන් ගත් සෙසු වාහන වල රියදුරන් එම ස්ථානයට පැමිණීමත් සමගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
11
අවුල් වගේ !
9
හරි හිනා !
32
හම්මෝ !
8
මාර දුකයි !
11
මලපනිනව !
25
කුජීතයි !
14
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?