නිවස කොල්ලකෑ කොල්ලකරුවන් හිමිකරුව මරා දමලා

ඊයේ (18) උදෑසන කාලයේ පැල්මඩුල්ල පොලිස් වසමේ මැද්දේගංගොඩ ප්‍රදේශයේ නිවසක් බිඳ දේපල කොල්ලකා එම නිවසේ සිටි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට පැල්මඩුල්ල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ මරණකරු වයස අවුරුදු 58 ක් වූ අයෙක් බවයි.

මරණකරු උපතින්ම ආබාධිත පුද්ගලයෙකු වන අතර ඔහු තම සහෝදරයාගේ නිවසට යාබදව ඇති කාමරයක තනිවම ජීවත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරුගේ සහෝදරයා විසින් උදෑසන අවදි වී බලන අවස්ථාවේ මරණකරු අත් හා ගෙල රෙදි පටියකින් බැඳ නිවස ඉදිරිපිට ගේට්ටුව අසල ගසක ගැට ගසා සිට තිබෙනවා.

එම අවස්ථාවේ ඔහු මියගොස් සිටි ඇති අතර මරණකරු සිටි කාමරයේ අල්මාරියේ තිබූ රන් භාණ්ඩ හා මුදල් නොමැති බවට ද ඔහුගේ සහෝදරයා විසින් පැමිණිලි කරනු ලැබූ බවයි පැවසෙන්නේ.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් හා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත දේහය ඥාතීන් වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?