Indian Premier League

නිවසට ආ සොරෙක් කාන්තාවක් ඝාතනය කරලා

පේදුරුතුඩුව පොලිස් වසමේ තුම්පලේ ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.

ඊයේ (20) උදෑසන කාලයේ ලැබුණු තොරතුර මත පොලිසිය විමර්ශන ආරම්භ කළ පොලිසියට අනාවරණය කර ගැනීමට හැකිව ඇත්තේ නිවස බිඳ දේපළ සොරකම් කිරීම සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 69ක තැනැත්තියක්.

මේ අතර ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 20 ක් වන පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ඥාතීන්ට භාර දී ඇති අතර, පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?