නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන් සහ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි අතර හමුවක් ඊයේ (11) කොළඹ දී පැවැත් වුණා.
මෙම හමුව අතරතුර, ජනවාරි 26 වන දින ඉන්දියාවේ 76 වන ජනරජ දින සැමරුම් උත්සවයට සහභාගී වන ලෙස කපිතාන් මුකුන්දන් නියෝජ්‍ය අමාත්‍යවරයාට නිල ආරාධනයක් සිදුකර තිබෙනවා.
ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඇති අවස්ථා පිළිබඳව ද දෙපාර්ශ්වයම මෙහිදී සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.
තවද, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, පවතින දිගුකාලීන හා ශක්තිමත් ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා වී තිබෙනවා.
දෙරට අතර, ශක්තිමත් පුද්ගලාන්තර සම්බන්ධතා වර්ධනය කිරීමේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අවස්ථාවේ අවධාරණය කළ අතර, ඉන්දියාවෙන් අඛණ්ඩව ලැබෙන හමුදා සහාය පිළිබඳ සිය කෘතඥතාව පළ කර සිටියා.
මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් සඳහා ඉන්දියාව දක්වන සහයෝගය මේජර් ජෙනරල් ජයසේකර අගය කළ අතර, මෙම දැවෙන ගැටලුවට එරෙහිව සටන් කිරීම සඳහා අන්‍යෝන්‍ය කැපවීම මෙහිදී අවධාරණය කළා.
![නියෝජ්‍ය ආරක්ෂක ඇමති සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක අතර හමුවක් (ඡායාරූප) 1 WhatsApp Image 2025 01 11 at 9.10.44 AM 1](https://dasathalankanews.com/wp-content/uploads/2025/01/WhatsApp-Image-2025-01-11-at-9.10.44-AM-1.webp)
![නියෝජ්‍ය ආරක්ෂක ඇමති සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක අතර හමුවක් (ඡායාරූප) 2 WhatsApp Image 2025 01 11 at 9.10.44 AM](https://dasathalankanews.com/wp-content/uploads/2025/01/WhatsApp-Image-2025-01-11-at-9.10.44-AM.webp)
![නියෝජ්‍ය ආරක්ෂක ඇමති සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක අතර හමුවක් (ඡායාරූප) 3 WhatsApp Image 2025 01 11 at 9.10.43 AM](https://dasathalankanews.com/wp-content/uploads/2025/01/WhatsApp-Image-2025-01-11-at-9.10.43-AM.webp)