නියමිත මිලට බිත්තර අලෙවි කරන්නැයි දැනුම්දීමක්

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ ගැසට් නිවේදනයට අනුව නීතියට ගරු කරමින් අදාළ මිල ගණන් යටතේ බිත්තර අලෙවි කරන ලෙසට සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර ඉල්ලීමක් කරනවා.

මේ අතර සුදු බිත්තරයක් රුපියල් 44 කට සහ රතු බිත්තරයක් රුපියල් 46 කට අලෙවි කිරීමට මිල නියම කර තිබියදී එම මිලට වඩා වැඩිමුදලට බිත්තර අලෙවි කරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ නියමිත මිල ඉක්මවා යමින් බිත්තර අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

එමෙන්ම ඊයේ දිනයේ ලැබුණු තොරතුරකට අනුව වැඩි මිලට අලෙවි කිරීමට සගවා තිබූ ජා ඇල ප්‍රදේශයේ බිත්තර ගබඩාවක් වටලා බිත්තර අත්අඩංගුවට ගත් බව ද සභාපතිවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?