නියමිත දිනට ඡන්දය තියනවා නම් තැපැල් ඡන්දය අද – කොමිසමේ රැස්වීමක් ලබන සතියේ

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු අද (28) දිනයේ සිදු කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණා.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේ එය දින නියමයක් නොමැතිව කල් දැමීමටයි.

මෙම තීරණයත් සමඟ ලබන අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම ද පවත්වන්නේ නැහැ.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කරන බවයි වාර්තා වුණේ.

ඒ, අනුව ලබන 04 වනදා මැතිවරණ කොමිෂන් සභාව යළි රැස්වීමට නියමිතයි.

මේ අතර පළාත් පාලන මැතිවරණ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් පසුගිය දා ලිඛිතව ඉල්ලීමක් ද සිදුකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?