Empty Ad
AFC Banner
Empty Ad

නිමල්ගෙන් අලුත් නීතියක්

පෞද්ගලික ආයතනවල නවක සේවකයන්ට අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය ලබා දීමේදී මාසයක් ඇතුළත එය ලබා දීම අනිවාර්ය කළ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ ය.

ඒ සඳහා සේවක අර්ථසාධක අරමුදලට අදාළව රෙගුලාසි ගැසට් කළ අතර ලබන ජූනි පළමු වන දා සිට එය ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා කීය. 

නවක සේවකයන් බඳවා ගැනීමේදී හාම්පුතුන් මාස කිහිපයක් යනතුරු අරමුදල්වල සාමාජිකත්වය ලබා නොදෙන අතර එයින් එම සේවකයන් අසාධාරණයට ලක්වන බැවින් මෙම පියවර ගත් බව කී අමාත්‍යවරයා සමහර අවස්ථාවලදී සේවකයන් වසර ගණන් අරමුදල්වලට දායක කර නොගෙන සිටි අවස්ථා පිළිබඳව ද පැමිණිලි ලැබී ඇති බව ද කියා සිටියේ ය.

බඳවා ගත් නවක සේවකයන් මේ වනතුරුත් අරමුදල්වලට දායක නොකළ හාම්පුතුන්ට එම සේවකයන් ස්ථිර කිරීමට කාලය ලැබෙන පරිදි ජූනි දක්වා කාලය දිගු කළ බව ත් ජූනි පළමු වන දා සිට මෙම නීතිය අනිවාර්ය වන බව ත් හෙතෙම සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?