නිදා සිටි පුද්ගලයා පොරවකින් පහර දී ඝාතනය කරලා (ඡායාරූප)

පොරවකින් පහර දී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් හුරීගස්වැව, තලාකොළවැව ප්‍රදේශයේ නිවසක තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තුසිත කුමාර හේමපාල හෙවත් ‘කට්ටා’ නැමැති අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

දෙදරු පියෙක් වන මෙම පුද්ගලයා අද (14) අලුයම නිවසේ සාලයේ බිම නිදාගෙන සිටිය දී පොරවකින් පහර දී ඝාතනය කර ඇති බවයි සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සිදුකළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, දුරදිග ගිය ආරවුලකට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකළ බවයි ඔහු පවසා ඇත්තේ.

ඝාතනය ලක් වූ පුද්ගලයා විසින් ඔහුගේ පියාගේ ගෙළ ප්‍රදේශයට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ඔහු ද රෝහල් ගතව ප්‍රතිකාර ලබා මීට දින කිහිපයකට පෙර නිවසට පැමිණි ඇති බවට ද කරුණු අනාවරණය වනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හෙට (15) දිනයේ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
2
+1
7
+1
2
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?