නැගෙනහිර ලිබියාවේ නගරයක් වන ඩර්නාහි පදිංචිකරුවන් සිය ගණනක් පළාත් පාලන ආයතනවලට එරෙහිව විරෝධතා දැක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගියදා පැවති අධික ගංවතුර හේතුවෙන් නගරයේ දහස් ගණනක් මිය ගිය බවයි
ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් විරෝධතාකරුවන් කියා සිටියේ ආපදාව පිළිබඳ කඩිනම් පරීක්ෂණ සහ වගකිව යුතු නායකයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය බවයි.නගරයේ මුදල් පිළිබඳ විමර්ශනය කිරීමට සහ ඩර්නා නැවත ගොඩ නැගීම වෙනුවෙන් විරෝධතාකරුවන් විරෝධතා දක්වමින් වන්දි ඉල්ලා තිබෙන බවද සඳහන් වනවා
මානුෂීය සංවිධාන කිහිපයක් පවසා ඇත්තේ පළාත් පාලන ආයතන විසින් නිවැසියන් ඉවත් කළේ නම් හෝ අවම වශයෙන් ඩැනියෙල් කුණාටුව පිළිබඳ අනතුරු ඇඟවීම් සන්නිවේදනය කළේ නම් ගංවතුරෙන් සිදුවූ ජිවිත හානි රැසක් වළක්වා ගත හැකිව තිබූ බවයි.විරෝධතාකරුවන් ඩර්නා හි නගරාධිපති අබ්දුල්මේනම් අල්-ගයිතිගේ නිවසට ද ගිනි තබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා