කොළඹ වරායේ ඉදිවන විශාලතම පර්යන්තය වන නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතින බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය පවසනවා.
මෙම ඉදිකිරීම් ලබන වසරේ මැද වන විට නිම කර මෙහෙයුම් ආරම්භ කිරීමටයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉලක්ක කර ඇත්තේ.
මෙම පර්යන්තයේ ඉදිවන ජැටිය මීටර් 1400ක් වන අතර ඉදිකිරීම් නිමවීමෙන් පසු මෙගා නැව් 03ක් එකවර නැංගුරම් දැමීමට හැකියාව ලැබෙනු ඇති.
නෞකාවලින් බහලුම් ගොඩබෑම සඳහා ගැන්ට්‍රි දොඹකර 12ක් සහ බහලුම් තැන්පත් කිරීම සඳහා ට්‍රාන්සර් දොඹකර 40ක් නැගෙනහිර පර්යන්තයේ ස්ථාපිත කරනු ලබන අතර බහාලුම් අංගනයේ වපසරිය හෙක්ටයාර් 75ක්.
වසරකට බහාලුම් මිලියන 03ක මෙහෙයුම් කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති නැගෙනහිර පර්යන්තය අර්ධ ස්වයංක්‍රීය ලෙස ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 585ක් වැයවන අතර සියලු මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් වැය කිරීමට නියමිතයි.
ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ලෙස චයිනා ඉංජිනියරින් සහ ඇක්සස් ඉංජිනියරින් යන සමාගම් කටයුතු කරනු ලබනවා.
මෙම ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නැගෙනහිර පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
අනතුරුව අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඉදිකරනු ලබන මෙම නැගෙනහිර පර්යන්තය, වරාය තුළ තිබෙන වටිනාතම පර්යන්තය බවයි.
එබැවින් මෙම පර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින් හා ගුණාත්මක භාවයෙන් යුතුව ඉදි කර ගැනීමට වාද භේද නොමැතිව එකා මෙන් එක්ව කටයුතු කල යුතු බවයි ඔහු සඳහන් කළේ.
එසේ නොවුන හොත් මෙම පාඩුව බලපාන්නේ තමාට නොව වරාය සේවකයන්ට බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ආසියාවේ වරායවලින් ප්‍රධානතම වරායක් ලෙස කොළඹ වරාය නම් කළ හැකි වන අතර මෙය ආසියාවේ කේන්ද්‍රස්ථානය කර ගැනීමටත්, තවත් නැව් වරායට ආකර්ශනය කර ගැනීමටත් වැඩපිලිවෙලක් සැකසිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.