වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ වෙළඳ නාවික ලේකම් කාර්යාලය නැවත දැනුම් දෙනතුරු සිකුරාදා දිනවල දී මහජන සේවාවන් සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.
රට තුළ පවතින ඉන්ධන අර්බුදය සහ පොදු ප්‍රවාහන සේවාවන් සීමාසහිත වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ සඳහන් කළේ.
ඒ අනුව සිකුරාදා දිනවල දී මාර්ගගත ක්‍රමය ඔස්සේ එම ආයතනයෙන් ලබාදෙන සේවාවන් ඉටුකරගැනීමට හැකියව පවතිනවා.
යම් පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වන්නේ නම් කාර්යාලීය වේලාවන්හිදී පහත දුරකථන අංකයන්ට අමතන ලෙසයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
















