දකුණු මුහුදු තීරයේ මෙහෙයුම්වල නිරතව සිටී නාවිකයින් හය දෙනෙකු සමඟ යාත්රාවක් දින 20 ක පමණ කාලයක සිට අතුරුදන්ව ඇතැයි නාවික හමුදාව පවසනවා.
පසුගිය 16 වැනිදා ඔවුන් මෙහෙයුමක් සඳහා දකුණු මූහුදු තීරයට ගොස් ඇති බවයි නාවික හමුදා ප්රකාශක කැප්ටන් ඉන්දිකද සිල්වා මහතා සඳහන් කළේ. අදාල නාවික යාත්රාව සමග පැවති සියලු සන්නිවේදන සබඳතා බිඳ වැටී ඇති බවයි ඔහු පැවසුවේ.
එලෙස අතුරුදන්ව ඇත්තේ දකුණු නාවික විධානයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි පිරිසක්. නාවික හමුදාව මෙතෙක් ක්රියාත්මක කළ මෙහෙයුම්වලදී ඒ පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැත
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1