නාවලපිටිය ප්‍රදේශයට ගංජා අලෙවි කරන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

නාවලපිටිය ප්‍රදේශයට ගංජා අලෙවි කරන ප්‍රධාන සැකකරු ( 09 ) දින අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය .

නාවලපිටිය මල්ලන්ද ප්‍රදේශයේ පදිංචි සැකකරු ( 31 ) සැකකරු පිට පළාත් වලින් ගංජා රැගෙනවිත් කුඩා පැකට්වල අසුරුම් කර නාවලපිටිය ප්‍රදේශය පුරා අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටින බවට ලද තොරතුරක් මත නාවලපිටිය පොලිසියේ නිලධාරින් විසින් උපාය දුතයෙකු යොදා ගනිමින් සැකකරු අත්අඩංගුවට ගැනිමට සමත් වි ඇත .

සැකකරුගේ නිවස පරික්ෂා කිරිමේදි නිවසේ කාමරයක් තුල අලෙවි කිරිමට රැගෙනවිත් තිබු ගංජා ග්‍රැම් 600 ක් සහ අසුරුම් කරන ලද ගංජා පැකට් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත . අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පැවසිය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?