නාඳුනන දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

කොටහේන පරමානන්ද මාවත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමතින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ සවස මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර ඉන් තුවාල ලබා ඇත්තේ පරමානන්ද මාවත ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි අයෙක්.

ඔහුට අයත් ත්‍රී රෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක සිටියදී වෙඩි තැබීමට ලක්ව තිබෙනවා.

තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීම සඳහා නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ඇති බවට පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

වෙඩිතැබීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැන’ීම සඳහා කොටහේන පොලිසියයි විමර්ශන සිදුකරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?