නාඩගම්කාරයෝ ලියපු සද්ධාමංගල සූරියබණ්ඩාරගේ එකම පුතා මුල් වරට හෙළිකරපු කතාව මෙන්න

පාර දිගේ කියන ටෙලිනාට්‍ය මේ වන විට හැමෝම අතරේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. එහි ජූඩාගේ චරිතය නිරූපණය කරන ආකර්ෂණීය යොවුන් නළුවා හර්ෂ ඉඳුවර සූරියබණ්ඩාර යි. මොහු සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාගේ එකම පුතණුවන් වෙනවා. සංගීත අධ්‍යක්ෂකවරෙයකු ලෙසත් කටයුතු කරන හර්ෂ පසුගිය දවසක මාධ්‍ය හමුවකට එකතු වෙලා තිබුනා.

මගේ නම හර්ෂ ඉඳුවර සූරියබණ්ඩාර.. මගේ තත්තා තමයි සද්ධාමංගල සූරියබණ්ඩාර.. මම අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ ඉසිපතන විදුහලෙන්. වාණිජ අංශෙන් 2019 වසරේ උසස් පෙල විභාගය කලා. දැන් සංගීතය විෂයක් ලෙස හදාරන ගමන් රංගනයේ යෙදෙනවා. පාර දිගේ ටෙලිනාට්‍ය තමයි මගේ මුල්ම රංගනය.

ජූඩා කියන චරිතයට ලැබෙන ප්‍රතිචාර හොදයිද?
ඔව් ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. නෑදෑ හිත මිතුරන්ගෙන් නම් හිතුවට වඩා ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා.

ඔබ අධ්‍යාපන කටයුතුවලට සමුදීලා රංගනය තෝර ගන්න හිතුවෙ ඇයි?
පොඩිකාලේ ඉදලම මම වෙලද දැන්වීම් වල හිටියා. නමුත් රංගනය පැත්තට යොමු වෙනීනෙ පාසලෙන් ඉවත් උනාට පස්සෙ. මුලින්ම අග්නි පියාපත් ටෙලිනාට්‍යයට පසුබිම් සංගීතය සැපයුවා. පාර දිගේ ටෙලිනාට්‍යට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ මගේ අප්පච්චි නිසා. ඒ නාට්‍යයේ මියුසික් කරන්නෙ මම. සංගීතය ඇරුනම සිනමා අධ්‍යක්ෂණයට තමයි මගේ කැමැත්ත තියෙන්නෙ. චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න රඟපෑමෙන් ලැබෙන අත්දැකීම් ගොඩක් වැදගත් කියලා හිතනවා. අධ්‍යාපනය කියන දේ ඉතාම පැතිරුණු සංකල්පයක්. මගේ අදහස ඉදිරි අධ්‍යාපන කටයුතු සංගීතය සහ චිත්‍රපට කියන විෂය ක්ෂේත්‍රය ඔස්සේ හදාරන්න. ඒ දැනුම උපයෝගී කරගෙන චිත්‍රපටයක් කරලා සංගීත අධ්‍යක්ෂණයත් මා විසින්ම කරන්න තමයි මගේ බලාපොරොත්තුව..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
77
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21 විපක්ෂ රැළියට අපිට ආරාධනා කළේ නෑ..මුන්ගේ තියෙන ආඩම්බරකම
02:27
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51


?