ලබන සතියේ කොළඹ නගරයේ ජනතාවට අලෙවි කිරීමට සැලසුම් කර ඇති නව සහල් වර්ගය වී අලෙවි මණ්ඩලය විසින් නිෂ්පාදනය කර බෙදා හරින “PMB Rice” බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
කිලෝ ග්‍රෑම් 05 සහ 10 පැකට් වශයෙන් මෙම සහල් තොග බෙදා හැරීමට නියමිතයි.
එමෙන්ම ඒවා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ලොරි රථවලින් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක දී අලෙවි කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව පළමු තොගය වශයෙන් සහල් පැකට් ලක්ෂ දෙකක් කොළඹ නගරයේ අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇති බව සඳහන්.
මෙම සහල් පාලන මිලට වඩා අඩුවෙන් අවම මිලක් යටතේ මහජනතාව වෙත බෙදා හැරීමට කටයුතු යොදා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4