නව ශ්‍රී ලංකා වාර්තා 3ක්

58 වැනි ශ්‍රී ලංකා යුද හමුදා මළල ක්‍රීඩා ශූරතාවලිය අද දෙවැනි දිනටත් දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දී පැවැත් වුණා.

අද දිනය අවසන් වූයේ නව ශ්‍රී ලංකා වාර්තා 3ක්ද පිහිටුවමින්.

ලක්මාල් ප්‍රනාන්දු මීටර 10,000 ඇවිදීම පිරිමි ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවූ අතර ඔහු දැක්වූ දක්ෂතාව මිනිත්තු 45යි තත්පර 12.22ක්.

මේ අතර තරග මීටර 10,000 ඇවිදීම කාන්තා ඉසව්වට එක් වූ කල්හාරි මදිරිකා ද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවූවා.

ඇය තරගය අවසන් කළේ,මිනිත්තු 49 යි තත්පර 25.97ක දක්ෂතාවක් දක්වමින්.

සචින් එරංග ජනිත් ශ්‍රී ලංකා වාර්තාව පිහිටු වූයේ රිටි පැනීම පිරිමි ඉසව්වෙන් වන අතර ඔහු මීටර 15.16ක දක්ෂතාවක් දක්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?