නව මකුළු විශේෂයක් හමුවෙයි

ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් විසින් ක්වීන්ස්ලන්තයේ පමණක් දක්නට ලැබෙන විශාල ප්‍රමාණයේ නව මකුළු විශේෂයක් සොයාගෙන තිබෙනවා.

මෙම දුර්ලභ මකුළු විශේෂයේ ගැහැණු සතුන් වසර 20 කට වැඩි කාලයක් ජීවත් විය හැකි අතර දිග සෙන්ටිමීටර 5ක් පමණ දක්වා වර්ධනය වන බව සඳහන්.

පිරිමි සතුන් සෙන්ටිමීටර 3 ක් දක්වා වර්ධනය වනවා.

වනාන්තර එළිපෙහෙළි කිරීම හේතුවෙන් මෙම මකුළුවන් ගේ වාසස්ථාන බොහොමයක් අහිමි වී ඇති අතර, එබැවින් සත්වයන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් බවට පත්වීමට ඉඩ ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ.

මෙම මකුළුවන් කෘමීන් ගොදුරු කර ගැනීම සඳහා කොළ වලින් උගුල් සාදන අතර ඒවා සාමාන්‍යයෙන් 1.5cm සිට 3cm පමණ වන බව සඳහන්.

අලුතින් සොයාගත් විශේෂය, මධ්‍යම ක්වීන්ස්ලන්තයේ අර්ධ ශුෂ්ක වනාන්තරවලින් හමුවී ඇති අතර මිනිසුන්ට හානිදායක නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Euoplos dignitas විවෘත වනාන්තරවල ජීවත් වන අතර කළු පසෙහි සිදුරු සාදමින් එහි ජීවත් වනවා.

ගැහැණු සතුන් තම ජීවිතය ගත කරන්නේ පොළොව යට වන අතර පිරිමි සතුන් අවුරුදු හතකට පමණ පසු වෙනත් ගුලකින් සහකරුවෙකු සොයා පිටත් වන බව අනාවරණ කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?