spot_imgspot_img

නව පාසල් වාරයට පෙර පාසල්වල ඩෙංගු මර්දන වැඩසටහනක්

නව පාසල් වාරය ආරම්භවීමට පෙර විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් දිවයිනේ සියලුම පාසල් ආවරණයවන පරිදි සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ, අනුව කොළඹ නගරයේ පාසල් 144ක් ආවරණය වන පරිදි ආදර්ශ ඩෙංගු මර්දන පවිත්‍රකරණ වැඩසටහනක් මෙම සති අන්තයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

‘ආරක්ෂිත රටක් සුරක්ෂිත හෙටක්’ යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර කලාපය තුළ සියලු පාසල් විදුහල්පතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (08) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?