නව ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට බලපෑම් එල්ල වේද ?

වර්තමානයේ පැතිර යමින් පවතින කොවිඩ් -19 වෛරස තත්ත්වය මෙරට ගැබිණි මව්වරුන්ට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම වෛරස් තත්ත්වය මගින් ගැබිණි මව්වරුන්ගේ පෙනහළුවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය මයුර මාන දෙවොලගේ මහතා පැවසුවේ,

“මේ අවස්ථාවේ ලංකාවේ පැතිරෙන කොවිඩ් වෛරසයෙන් විශේෂයෙන් ගැබිණි මව්වරුන්ට ආසාදනය වන තත්ත්වය වැඩි වෙලා තියෙනවා. ගොඩක් ගැබිණි මව්වරුන්ගේ රෝග ලක්ෂණත් වැඩි වෙලා තියෙනවා. පෙනහළු ආසාදිත තත්ත්වයන් අධික ලෙස ඉහළ ගිහින් තියෙනවා. දැනටත් දැඩිසත්කාර ඒකකවල ගැබිණි මව්වරුන් 3 දෙනෙකු වගේ ඉන්නවා. අපි කියන්නේ ගැබිණි මව්වරුන් හැම මොහොතකම උත්සාහ ගත යුතුයි මේ වෛරස් එක හැදෙන්නේ නැති වෙන්න ආරක්ෂාකාරිව ඉන්න. බැරි වෙලාවත් රෝග ලක්ෂණ තියෙනවා නම් ඉක්මණින් කොවිඩ් පරීක්ෂණයක් කරගන්න එක තමයි වඩාත් හොඳ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?