නවසීලන්ත පළමු ඉනිම 580න් අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය කඩුලු 04ක් දැවී ලකුණු 580ක් ලබාගෙන සිටිය දී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පළමු ඉනිම සදහා කඩුලු 04ක් දැවී ලකුණු 580ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහි වැඩි දායකත්වයක් ලබාදුන් කෙන් විලියම්සන් ද්විත්ව ශතකයක් රැස් කිරීමට සමත් වූ අතර, පන්දු 296ක් තුළ ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 215ක්.

ඔහුට අනෙක් අත්නයේ සිට අනඟි සහයක් ලබාදුන් හෙන්රි නිකොල්ස් සිය ටෙස්ට් දිවියේ පළමු ද්විත්ව ශතකය අද රැස් කළා.

ඒ සදහා ඔහු වැයකළ පන්දු සංඛ්‍යාව 240ක්.

විලියම්සන් සහ නිකොල්ස් එක්ව තුන්වන කඩුල්ලට ලකුණු 363ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී නවසීලන්ත පළමු ඉනිමේ කඩුලු 02ක් කසුන් රාජිත බිඳ හෙලූ අතර, ධනංජය ද සිල්වා සහ ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

මේ අතර නවසීලන්ත ඉනිමේ 90 වන පන්දු වාරයේ දී ආබාධයකට ලක්ව කසුන් රාජිතට පිටියෙන් ඉවත්වීමට සිදු වූ අතර, පසුව ඔහු සුවය ලබා යළි පන්දු රැකීමට පිටියට පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා.

වෙලින්ග්ටන් හිදී පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?