Empty Ad
AFC Banner
Empty Ad

නවසීලන්තයෙන් ණයට කිරි ලැබෙයි

නවසීලන්තයේ කිරි හා සත්ව නිෂ්පාදන සහන ණය ක්‍රමයට ශ්‍රී ලංකාවට ලබා දීමට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා එකඟත්වය පළ කර ඇත.

නවසීලන්ත මහ කොමසාරිස්වරයා තමා හා කළ සාකච්ඡාවකදී එසේ එකඟ වූ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමති දිනේෂ් ගුණවර්ධන මාධ්‍යට පැවසීය.

දෙරට අතර පවතින ආර්ථික හා සංවර්ධන සබඳතා වර්ධනය කිරීම හා නවමු ආර්ථික හා සංවර්ධන සංකල්පයන් කෙරෙහි යොමුවීම පිළිබඳව ද මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව ද ඇමතිවරයා පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සාර්ථකව පවත්වාගෙන යන දන්ත වෛද්‍ය පීඨය තවත් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?