නවතම අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය එළිදකී

නාසා ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මිනිසුන් සහිත මීළඟ චන්ද්‍ර මෙහෙයුම වන ආටෙමිස් (Artemis) මෙහෙයුමේදී චන්ද්‍රයා වෙත යන ගගනගාමීන් අඳිනු ලබන නවතම අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය පසුගියදා ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් හිදී එළිදැක් වුණා.

මෙම නවතම අභ්‍යවකාශ ඇඳුම මූලිකව කළුපැහැයෙන් යුක්ත වන අතර එහි තැඹිලි සහ නිල් පැහැයද ඇතුළත්.

මෙම ඇඳුම ගගනගාමීන්ගේ සිරුරට වඩාත් සරිලන, නම්‍යශීලී ආකාරයෙන් නිපදවා තිබෙනවා.

ඒ අනුව, නාසා ආයතනය දැනට දශක කිහිපයකට පෙර ක්‍රියාත්මක කළ සුප්‍රසිද්ධ ඇපොලෝ මෙහෙයුමේදී ගගනගාමීන් ඇදි බරසාර අභ්‍යවකාශ ඇඳුමට වඩා මෙය හුරුබුහුටි ඇදුමක්.

මෙම ඇඳුම ඔවුන් Axiom Extravehicular Mobility Unit හෙවත් AzEMU ලෙස නම් කර තිබෙනවා.

තවමත් මූලාකෘතියක් ලෙස ඉදිරිපත්ව ඇති මෙම නවතම අභ්‍යවකාශ ඇදුම සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සහ වැඩිදියුණු කිරීම් සිදුකළ යුතුව ඇති බවයි නාසා ආයතනය පවසන්නේ.

නාසා ආයතනය මෙම නවතම අභ්‍යවකාශ ඇඳුම නිර්මාණයේදී සුප්‍රසිද්ධ ඇදුම් මෝස්තර නිර්මාණශිල්පියෙකු වන ඊස්ටර් මාර්කියුස්ගේ සහාය ද ලබාගෙන තිබෙනවා.

මෙම ඇඳුම හූස්ටන්හි පිහිටි Axiom Space සමාගම එය නිෂ්පාදනය කර ඇති අතර ඒ සඳහා නාසා ආයතනය මගින් එම සමාගමට පිරිනැමූ කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 228.5ක්.

මෙම එළිදැක්වීමේදී එම සමාගමේ ප්‍රධාන ඉංජිනේරු ජිමි ස්ටෙයින් මෙම නවතම අභ්‍යවකාශ ඇඳුම පැළඳ පෙන්වා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම AzEMU අභ්‍යවකාශ ඇඳුමේ අවසන් හැඩය පිළිබඳ කරුණු තවදුරටත් රහසක් ලෙස පවත්වාගෙන යාමටයි නාසා ආයතනය කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?