නර්ථන කණ්ඩායමක් ගිය වෑන් රථයක් අනතුරක

බදුල්ල ප්‍රදේශයේදී සිදු වූ වෑන් රථ අනතුරකින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

නර්ථන කණ්ඩායමක සාමාජික සාමාජිකාවන් පිරිසක් ගමන් කරමින් තිබූ වෑන් රථයක් අද අලුයම මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

නිල්බෝවිල කළු පාලම අසලදී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද අලුයම 3.30ට පමණ මෙම අනතුර සිදුවී තිබෙනවා.

වෑන් රථය පදවා ඇත්තේ නර්ථන කණ්ඩායමේ හිමිකරු විසින් වන අතර ඔහුට නින්ද යාම හේතුවෙන් අනතුරට සිදුවන්නට ඇති බවටයි මූලික විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ.

තුවාල ලැබූවන් අතර අවුරුදු 18ත් 20ත් අතර වයස්වල පසුවන තැරණියන් 8 දෙනෙකු සහ පිරිමි ළමුන් දෙදෙනෙකු මෙන්ම වෑන් රථයේ රියදුරා ද වනවා.

ඔවුන් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

බණ්ඩාරවෙල දෝව රජමහා විහාරස්ථානයේ පැවති පෙරහැරක නර්ථනයෙන් සහභාගී වී නැවත බදුල්ලට පැමිණෙමින් සිටියදී හාලිඇල ගණදෙවි කෝවිල ආසන්නයේදී ඔවුන් මෙම අනතුරට ලක්වී ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
2
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?