Empty Ad
AFC Banner
Empty Ad

නබී එක්දින පිටියෙන් සමුගනියි

2025 වසරේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලානයෙන් පසුව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී ජාත්‍යන්තර එක්දින තරග පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඊයේ (11) ඓතිහාසික එක්දින තරගාවලි ජයක් බංග්ලාදේශයට එරෙහිව වාර්තා කිරීමෙන් පසුව ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් යොමු කරමින් නබී මේ බව දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

39 හැවිරිදි වියෙහි පසුවන නබී යනු ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම එක්දින තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයායි.

නබී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් මංගල එක්දින ක්‍රිකට් වරම් 2009 දී ස්කොට්ලන්තයට එරෙහිව දිනා ගන්නා අතර එක්දින තරග 167කට ක්‍රීඩා කරමින් ලකුණු 3600ක් ලබා ගෙන තිබෙනවා.

ඔහු නමින් එක්දින ශතක 02ක් සහ අර්ධ ශතක 17ක් ද ලියැවීම සුවිශේෂීයි.

නබී සිය ඉල්ලා අස්වීම ගැන සඳහන් කරමින් පවසා ඇත්තේ; තමන් පන්දුවාර 20 ක්‍රිකට් තරග ක්‍රීඩා කරන බවයි.

නබි ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව වත්මන් අංක 01 තුන් ඉරියව් එක්දින ක්‍රීඩකයා ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අශෝක රන්වලගෙන් දයාසිරි උපාධිය ඉල්ලයි - පාර්ලිමේන්තුව ඇවිලෙයි
09:29
Video thumbnail
ජගත් මනුවරණ මරික්කාර්ට හොඳට කියලා දෙයි
09:04
Video thumbnail
අපි දන්නෑ කියලද හිතන්නේ - අපි බබාලද - බිමල් හොඳටම සැර වෙයි
16:50
Video thumbnail
රෝහිත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - පාර්ලිමේන්තු ආවානම් ඒ විදිහට ඉන්න වෙනවා
17:12
Video thumbnail
JVP හිටපු විමල් බටලන්ද ගැන කට අරියි - විමල් වෙච්ච හැමදේම එකක්‌ නෑර කියයි
25:37
Video thumbnail
සජබ පක්ෂ මූලස්ථානය ඇතුළටම ඇවිල්ලා මැරයෝ චමල්ට දාපු සද්දේ
07:44
Video thumbnail
ආණ්ඩුව දැන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ - බටලන්දත් සතියක් වගේ ඇදගනී
07:03
Video thumbnail
පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්ත්වයක් - හදිසියේ පොලිසියත් එතැනට කැඳවයි
05:18
Video thumbnail
රංජන් රාමනායක හොරු ගැන ආයෙත් හෙළිදරව්වක් කරයි
11:41
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.17
00:00

?