නගරාධිපතිට කේක් කපන්න එන්න කිව්වේ මමයි

කුරුණෑගල නගරාධිපති වරයාට කේක් කැපීමට ආරාධනා කළේ තමා බව සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතා පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

ඒ හේතුවෙන් ස්ථාන මාරුවක් ලැබුණද තමා දිවයිනේ ඕනෑම ස්ථානයක රාජකාරි කිරීමට සූදානම් බවත් හෙතෙම සඳහන් සඳහන් කළ බවයි එම පුවත්පත වාර්තා කර ඇත්තේ.

කුරුණෑගල පොලිසිය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයට ආරාධිතයන් ලෙස සහභාගි වූයේ නගරාධිපතිවරයාත්, ඔහුගේ බිරිඳ සහ ඉඩම් ව්‍යාපාරිකයකු පමණක් බවත් එය ආවරණය කිරීමට මාධ්‍යයටද ඇරයුම් කළ බවත් සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතා සඳහන් කර තිබෙනවා.

නගරාධිපති තුෂාර සංජීව මහතාට මෙම උත්සවයට ආරාධනා කළේ හදිසියේම බවත් එහිදී කේක් කපන බව ඔහු දැන නොසිටි බවත් සහකාර පොලිස් අධිකාරිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?