ධීවර යාත්‍රාවක තල්මසෙකු ගැටී දකුණු මුහුදේ දරුණු අනතුරක් (ඡායාරූප)

දොඩන්දූව ධීවර වරායෙන් ඊයේ (10) පස්වරුවේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක් තල්මසෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ගොඩබිම සිට කිලෝ මීටර් එකක් පමණ දුරින් මුහුදේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් යාත්‍රාවේ සිටි එක් පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර, යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමෙන් පසු ඔහුව රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

තල්මසාගේ ගැටීමත් සමඟ ධීවර යාත්‍රාවට දැඩි අලාභ හානි සිදුව ඇති බව ගාල්ල අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කර සිටියා.

ධීවර යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ දී එහි ධීවරයින් දෙදෙනෙකු සිට ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
10
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?