ධීවර ප්‍රජාව වෙනුවෙන් හදිසි අනතුරු රක්‍ෂණ යොජනා ක්‍රමයක්

කෘෂිකාමික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්‍ෂණ යොජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. මෙම රක්‍ෂණය තම ජීවනෝපාය ලෙස කරදිය හා මිරිදිය මසුන් ඇල්ලීම සඳහා කිමිදුම් කටයුතුවල නිරතව සිටින ධීවරයින් ආවරණය කරයි.

මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය යටතේ අයහපත් කාලගුණික හෝ දේශගුණික තත්ත්වයන් හේතුවෙන් හෝ ධීවර රැකියාවේදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් ජීවිතය අහිමිවීම හෝ අකර්මණ්‍යතාවයන් සඳහා ආරක්ෂණය සපයයි. එසේම, ධීවර කටයුතුවලින් බැහැරව සිටියදීත් අහඹු අනතුරකින් සිදුවන මරණ හෝ ආබාධ සඳහාද ප්‍රතිලාභ ලබා දෙනු ලැබේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ වාර්ෂික රු. 2000/- රක්ෂණ වාරිකයක් ගෙවූ විට, හදිසි මරණයකදී රුපියල් ලක්‍ෂ 12ක වන්දියක් ලබා ගත හැකිය. ඊට අමතරව, පූර්ණ හෝ තාවකාලික අකර්මණ්‍යතාවයන්, එක් ඇසක් හෝ අත්-පා අංගයක් අහිමිවීම, හෝ කථන ශක්තිය සම්පූර්ණයෙන් අහිමි වීම වැනි තත්ත්වයන් සඳහාද කඩිනම් වන්දි ගෙවීම් සිදු කෙරේ.

මෙම ආරක්ෂණ යෝජනාව ධීවර ප්‍රජාවේ ජීවිත තරප්පුව ඉහළ නංවන අතර, ඔවුන්ගේ ජීවන අවදානම් අවම කිරීමට උපකාරී වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?