නිරිත දිග බෙංගාල බොක්ක මුහුදේ මධ්‍යම ප්‍රදේශය ආශ්‍රීතව පැවතුන අඩුපීඩන කාලපය මේ වනවිට ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව කේන්ද්‍රගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර සිටිනවා.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ධිවර ප්‍රජාව ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කළයුතු බවයි.
එම අඩුපීඩන කාලපය ඉදිරි පැය 24 තුළ නැගෙනහිරට බරව ඊසාන දෙසින් අන්දමන් මුහුද දෙසට ගමන් කර, තව දුරටත් වර්ධනයවීමට ඉඩ ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ හේතුවෙන් ඉහත මුහුදු ප්‍රදේශයේ ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.
සුළඟේ වේගය පැ.කි.මී. 40ත් 50ත් පමණ වන අතර විටින්විට පැ.කි.මී. 60 දක්වා ඉහළ යා හැකි බවත් විටින්විට එම මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ.