spot_imgspot_img
spot_img

ධාවනය වෙමින් තිබු ට්‍රැක්ටරයක ට්‍රේලරය ගැලවී යාමෙන් 08ක් රෝහලේ (ඡායාරූප)

ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටරයක ට්‍රේලරයක් ගැලවී යාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අද පස්වරු 3ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

හැටන් සිට නාවලපිටිය දක්වා ධාවනය වු ට්‍රැක්ටර් රථයක ට්‍රේලර් කොටස ගැලවී යාමෙන් සිදු වූ මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ එම ටේලර් රථයේ ගමන් ගත් 08 දෙනෙක්.

ඔවුන් ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

හැටන් සිට නාවලපිටිය දක්වා ගොඩනැගිලි ඉදි කිරීම් ද්‍රව්‍ය සහ සේවකයින් පිරිසක් රැගෙන ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටර් රථයේ ට්‍රේලරය ගැලවී ප්‍රධාන මාර්ගය හරහා පෙරළී ගොස් ඇතැයි සඳහන්.

මෙම අනතුර හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ද විනාඩි 30ක පමණ කාලයක් එක් මංතීරුවකට සීමා කර තිබුණා.

ට්‍රැක්ටර් රථය වංගුවක් ගැනීමත් සමග ට්‍රේලරය ගැලවී ගොස් ඇතැයි අනාවරණ වී ඇති අතර තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල නොවන බවයි අනතුර හැටන් පොලිසිය කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?