දෛවයට අභියෝග කල වෛද්‍ය සිසුවා….

මුහුණු පොතේ සැරිසරන අතරතුර අපිට හරි අපූරු කථාවක් හමු වුනා.අනතුරක් නිසා ජීවිතයම අත් හැර දමන මිනිසුන් ඉන්නා වටපිටාවක අනතුරකින් පන්නරය ලබා ජීවිතයම ජයගත් ඔහු නමිත් “දමිත්”

මෙතනින් එහා කතාව අපි කියන්නේ නැහැ.දමිත් ඔහුගේම වචන වලින් ඒ කතාව ඔබට කියාවී.කොහොම නමුත් ගොසිප් ලංකා නිව්ස් අපි ඔහුට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

My Life Story..❤

අදට වසර 10 ක් හරියටම …..
2011.12.07 to 2021.12 .07

             මගෙ  2nd  Life එක ලැබිලා....

මං එතකොට 3 වෙනි වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙක් ..
Accident උනෙ හරියටම හවස 6.42 ට වගෙ…. මොකද හැප්පෙන්න මිනිත්තුවකට කලින් මං වෙලාව බැලුවා.

හැප්පෙන්න හේතුව නම් කියලා වැඩක් නෑ….ඒක අමතක කරමු….
සිහිය එද්දින් මතකයි මගෙ motor bike එකයි හැප්පුනු හරකවයි දෙන්නම මගේ ඇග උඩ…..මට හොදට මතකයි ඒ අහිංසක හරකා මර බියෙන් වේදනාවෙන් යටි ගිරියෙන් කෑ ගහපු හැටි අවසන් මොහොතේ උගේ..😔

ඒත් සිහිය එද්දින් කිව්වට සිහිය නැති වෙලාවෙත් මට මොකද වුනේ දැං මොකද වෙන්න යන්නේ කියන එක ගැන හොදට සිහිය තිබ්බා මගේ Astrol බොඩි එකට….

ඒ දැනුනු මරණයේ අත් දැකීම , දැනුන දැකපු දේවල් කියන්න ගියොත් පිස්සු හැදෙනවා….. ඒ නිසා ඒ part එක give up කරමු….
හරි..දැං සිහිය එද්දිං මට මගේ බෙල්ලෙන් පහලට මුකුත්ම පන නැහැ… මට තේරැමකුත් නෑ… medicine වලින් කිනව නම් මං හිටියේ spinal Shock එකක…

මිනිස්සු පිරිලා…හැමෝම දුක් වෙනවා…. ඒ අතරේ මට හූස්ම ගන්න බැරි වුනා… spinal chord injury එක නිසා… මං හුස්ම ගත්තේ මගේ phrenic Nerve එකට පිං සිද්ද වෙන්න Diaphram එකෙන්….. හරි කොහොම හරි හැම තැනින්ම ලේ ගලනවා…. ඒත් මට තේරුමක් නෑ දැනෙන්නේ නැති නිසා…. මං ඉවසලා බැරිම තැන කෑගැසුවා මං Medical Student කෙනෙක්….මගේ කොන්ද කැඩිලා තියෙන්නේ….මගේ අබෞන්තර අවයව වලටත් හානී වෙලා ඇති….මගේ කොන්ද නැවෙන්නේ නැති වෙන්න මාව ඉක්මනින් වාහනයකට දාලා Hospital යවන්න කියලා…. ඒ මිනිස්සුන්ට පිං සිද්ද
මාව ඉක්මනට hospital එකට අරගෙන ආවා….
ඒ අතරේ වුනු සුන්දර සිදුවීම්, මුන ගැසුනු සුන්දර හදවත් තිබුනු මිනිසුන් එමටයි….ඒත් කියන්න අමාරුයි…. මගේම batch එකේ දිනේශ් Dinesh Chandrasena ( ලුකා) හරිම විශේෂ එකෙක්….තව මාව අරං ගිය three wheeler එකේ අයියා මට අදටත් මතකයි එයාගේ ඇස් වල කදුලු පිහදාගෙන මගේ ඔලුව අතගාල ගියා… සුන්දර හදවත් ඇති සුන්දර මිනිස්සු…..

කොහොම හරි hospital ආවාම තමයි ඔය photos අරගෙන තියෙන්නේ මගෙම batch mate කෙනෙක්.. Mohamed Ibrahim Sabras . CT scan කලා… ටික වෙලාවක් යද්දින් ජීවිතේ කවමදාවත් නොවිදපු තරමේ වේදනාවක් දැනෙන්න ගත්තා මුලු අත් දෙකේම… ඒක හරියට මගේ අත් දෙක පන පිටින් ගිනි ගොඩකට ඇල්ලුවා වගේ..දරා ගන්නම බෑ…
ඒ වෙද්දින් Clinical Diagnosis එක වුනේ Spinal Chord Injury to Cervical spine with Vertebral Fractures….and many more.

අනේ මට ජීවිතේ හිටියා කල්‍යාණ මිත්‍රයෝ ගොඩක්… ඒ අතරින් දෙන්නක් තමයි Mangala Kalanapriya Samarakoon Manoj Chanaka … මූන් දෙන්නා අනේ උදේ ඵලි වෙනකං මං වේදනාව දරා ගන්න බැරිව පිච්චෙද්දිං, ඵක දිගට පිරිත් කිය කිය මගේ අත අත ගෑවා…. කොච්චර මං පෙර පිං කරන්න ඇතිද එහෙම කල්‍යාණ මිත්‍රයෝ ලැබෙන්න ඕනෙම වෙලාවේදී මට……. 🙏🙏

ජීවිතේ කඩාගෙන වැටුණා බලාගෙන ඉද්දිං.. medicine වලදී Theoretically , Spinal chord injuries recover වෙන විදිය කාටවත් predict කරන්න බැරි නිසා…
මාව අනුරාධපුරයෙන් කොලබ NHSL Nuro Trauma Center යැව්වා… එහිදී MRI වලින් පස්සේ හරි ම diagnosis එක ආවා…. ඒතරම් බිහිසුනයි. Cervical cord bleeding , slight cord compression, C 7 vertebral Fractures and Chord Edema with Roots Compressions…..

ඊට පස්සේ ICU BOOK කරගෙන EMERGENCY Surgery කරන්න Nuro Surgical team eka ready වුනා….ඒත් පෙර පිනක මහිමයට Chord bleeding එක C 5 level එකෙන් නැවතුනා…. chord decompression කරන්න වෙන්නේ නැතිව..
ජීවීතේ විදින්න පුලුවන් හැම මානසික සහ කායික දුකක්ම වින්දා….
Morphine, Tramdol , Diclofinac Supps, gabapentine and Carbamazepine මේ ඔක්කොම එකපාර දීලත් අඩු වූනේ නෑ වේදනාවල්….

Medical Student සිහිනය එතනින්ම බොද වෙලා ගියා… ඒත් මගේ අයියයි අම්මයි තාත්තයි මාව අතෑරියේ නෑ…. ඒ ගොල්ලෝ මං වෙනුවෙන් මැරෙන්න වුනත් හිටියා…..ඒතරම් උතුම් ඒ මව් පිය සෙනෙහස…..සහෝදර සෙනෙහස…
හෙනම Fantacy ලෝකෙක හිටිය මට මේ sudden life change එක දරා ගන්නම බැරි වුනා….. දවස ගානේ දවස ගානේ physically and mentally වැටී ගෙන ගියා…..තව හේතුත් තිබ්බා වැටෙන්න…ඒක තමයි ජීවිතේ කියන්නේ..
මාස 2 ක් ඉවර වෙනකොට ත් මගේ අත් දෙක වැඩ කරන්නේ නෑ….
Damage එක වැඩි ගොඩක් recover වෙන්න තරම්…

ඒ මාස දෙක යද්දින් මං මගේ guitar එක ඇග උඩ තියාගෙන අඩපූ වාර ගාන අනන්තයි…… medicine වලිදී nerve injuries Recover වෙන කාලයක් කියා ගන්නත් බෑ….
ඒ මාස දෙකේ මං ඇස් දෙකෙන් දැක්කේ මගේ රත්තරං අම්මා හැම දවසකම මං වෙනුවෙන් අඩ අඩා මගේ මුන හෝදවන ඒකේ ඉදං හැම දෙයක්ම කරනවා….අයියා නිවාඩු ද දා අනේ මාව බලන්න එනවා හැම දේම කරලා දෙන්න….. තාත්තා ත් හිත ඇතුලෙන් අඩ අඩ අපි වෙනූවෙන් රැකියාව කරමින් පුලුවන් හැම දවසකම දුර ගෙවාගෙන එනවා…..
මට නොපෙනුනු ලෝකයක් පෙනෙන්න ගත්තා……..

අනේ මාස 3 ට පස්සේ ටික ටික මගේ අත් දෙක වැඩ කරන්න ගත්තා ආශ්චර්යය ක් වගේ…අපි හතර දෙනාට ඊට වඩා සතුටක් තිබ්බේ නෑ…..අයියයි තාත්තයි හරි සතුටෙන් ගෙදර දුවගෙන ආවේ……
ඒ දවස් ටික මැරෙනකනුත් අමතක නොවේවි….
ඊට පස්සේ ආයෙත් ජීවිතේ මං මගේ දෙමව්පියෝ , මගේ අයියා වෙනුවෙන් ඒගොල්ලන්ට සතුට අරගෙන දෙන්න මං ජීවිතේ කැප වෙනවා කියලා හිතුවා.. හැම දවසකම physiotherapy, occupational therapy කර කර අමුතුවෙන්ම අකුරු ලියන්නත් පුරුදු වුනා…. හුරු නෑ ඇගිලි මට ඕන විදියට වැඩ කරන්නේ නෑ…..
පොඩි එකෙක් වගේ මුල් ඉදංම පුරුදු වුනා…ඔය අතරේ විදපු දුක් අනන්තයි….

මාස 7 ට පස්සේ ආයෙත් faculty ගියා…studies miss වුනු ඒවයි ඒ time period ඵකයි අල්ලන්න ඕනේ….ඒත් හිතා ගන්නවත් බෑ කොහොම කරන්නද කියලවත්…. ඒ වෙද්දිනුත් ඇගිලි හරියට වැඩ කරන්නේ නැ…. බෙල්ල ඉවස ගන්න බැරි තරමට වේදනා දුන්නා දවස ගානේ.., ඉවස ගන්න බැරිව තනියම අඩපු වාර ගාන…. God…
මට batch miss වෙලා ඊලග batch ඵක ඵක්ක ඵන්න කියද්දින් ගොඩක් අය, මං හිතා ගත්තේ නෑ මං කොහොම හරි මේක කරනවාමයි කියලා…. දවස ගානේ Physio therapy occupational therapy යන ගමන් Clinicals වලටත් ගියා… miss වෙච්ච appointments හවස, රෑ ගිහින් තනියමත් කලා….නැත්නම් finals ලියන්න දෙන්නේ නැති නිසා…..

සමහරක් දවස් වලට වේදනාව දරා ගන්නම බැරි වෙද්දින්, notes ලියා ගන්න බැරිව අත් හිර වෙද්දින්, දැං ඇති මේක අතහරින්න කියලා හිත කියද්දින් අත් දෙක මංම kiss කරලා හිතුවේ, නෑ කවදා හරි මට මේ challenge එක දිනන්න පුලුවන් වුනොත් මං හොඳම වෛද්‍යවරයකු කොහොම හරි වෙනවා කියලා….. 🙃
අහිංසක හීන….😉

අන්තිමට ම ඒත් අත් වැඩ කලේ නෑ මට exam ලියා ගන්න පුලුවන් විදියට….ආයෙත් challenge එකක්…..
මගේ Neurosurgeon Sir ව මුන ගැහුනම Solution එක වූනේ Typing වලින් exam apply කරන එක ලියනවා වෙනුවට……..
ජීවිතේ කවමදාවත් නොකල අභියෝගයක්……
ආයෙත් අන්තිම මාස 6 ක් පොඩ් එකෙක් වගේ අනිත් වැඩ ඔක්කොම පැත්තකට දාලා computer Typing පුරුදු වුනා…… රෑ අනිත් students ල පාඩම් කරද්දින් මං Typing games දාගෙන practice කරනවා Fast typing…එතනදිත් ජීවිතයේ පෙර පිනකට මාව ධෛර්යමත් කරන්න මට ඒ challenge එක අවසන් වෙනකං කරගන්න මට දෙවි කෙනෙක් වගේ පිහිට වුනා ඵක් සුවිශේෂී චරිතයක්….ඒ Suneth Buddhika Agampodi Sir…. ඒ තවත් මගේ ජීවිතේ මුන ගැහුන සුන්දර ම හදවතක් තිබුනු උතුම් වු මිනිසෙක්…..ඔහුටත් මං සදා ණය ගැතියි…🙏
අන්තිමට ජීවිතයේ නොහිතපු විදියට දුක් විදලා දුක් විදලා Final exam ඵකත් ගොඩ දා ගත්තා එක පාරින්ම…..

මමයි මගෙත් එක්ක ජීවිතේ අවුරුදු ගානක් ඵකට
ම හිටිපු සුසංහිතා විතරයි දන්නේ අපි දෙන්නා විදපු දුක ඒ challenges ටික තනියම ගොඩ දාගන්න… ඇයත් මගේ ජීවිතේ මේවිදියට අද ඉන්න ලැබෙන්න ලොකු කොටස් කාරයෙක්…. ඒ මහත් පින ඇයට මුලු ජීවිත කාලයේම තියේවි…!!!! 🙏🙏

කොහොම හරි අවසානයේ අදට අවුරුදු හරියටම 10 ක් පිරෙද්දිං මං අසරන වුනු ඒ Hospital එකේම ඒ theaters වලම වැඩ කරන වෛද්‍යවරයකු ත් වෙලා මං….
ජීවිතය හරි පුදුමයි….
හොදම වෛද්‍යවරයකු වෙන්න බැරි වුනත් සතුටෙන් වැඩ කරන ටිකක් හරි හොද වෛද්‍යවරයකු ( 😉 ) ඒ Hospital එකේම වෙන්න ලැබීම ම මොන තරම් වාසනාවක්ද……….
🙏🙏🙏

ජීවිතේ කවමදාවත් අතහැරලා යන්න එපා…. කවමදාවත් කොච්චර වැටුනත් ආයෙත් නැගිටින්න…..
අද මගේ රත්තරං දෙමව්පියෝ , මගේ අයියා කොච්චර නම් මං නිසා සතුටු වෙනවා ඇතිද…..

ආයෙත් හැරිලා බලද්දීන් හීනයක් වගේ මේ වූනූ හැම දේම….
Dr.Damith silva

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩබල් පොකට් පිට් පොකට් - ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
15:09
Video thumbnail
ඉසුරුපාය ඉදිරියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:21
Video thumbnail
යාළුවන්ට තනතුරු දෙන එකද පුනරුදය - කිසිම ජනපති කෙනෙක් මෙහෙම කරලා නෑ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50


?