Fly high Get bonus Aviator Phone

දේශීය ණය ප්‍රශස්තකරණය මේ සතියේ අවසන් කරනවා – මුදල් රාජ්‍ය ඇමති

දේශීය ණය ප්‍රසශ්තකරණය මේ සතියේ අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ දේශිය ණය ප්‍රශස්තකරණය ඉතා සාර්ථකව කරගෙන යන බවයි.

එය සංවර්ධන බැදුම්කර, සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල ආදිය අයත් වන විශ්‍රාමික අරමුදල්, මහ බැංකුව සතුව පවතින රජයට දුන් අත්තිකාරම් ආදී ලෙස කොටස් 04කින් සමන්විත බවයි ඔහු කියාසිටියේ.

ඉන් සංවර්ධන බැදුම්කර ජුනි මස අවසන් වන විටම නිමා කළ බව පැවසූ අමාත්‍යවරයා ඊයේ දිනය වන විට විශ්‍රාමික අරමුදල්වල ප්‍රශස්තකරණය අවසන් කළ බව ද ප්‍රකාශ කළා.

ඒ අනුව තවත් ඉතිරිව පවතින්නේ මහ බැංකුව සතුව පවතින බැඳුම්කර සහ රජයට ලබාදුන් අත්තිකාරම් ප්‍රශස්තකරණය පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉදිරි දින කිහිපය ඇතුළත එම කටයුතු නිමා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?